පාසල් කාල සීමාව දිගු කිරීමට එරෙහිව ගුරුවරුන් දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක්

Published in පුවත්
Friday, 14 November 2025 09:01

පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව ලබන මස 12 වැනිදා ගුරුවරුන් දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං පවසයි .

මීට අමතරව ගුරු වැටුප් විෂමතාව වහා ඉවත් කිරීම, සුබෝධනී කමිටු වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීම, ගුරු විදුහල්පතිවරුන්ගේ අනෙකුත් ගැටලුවලට විසඳුම් ඉල්ලන සටන් පාඨද මෙම එක්දින වර්ජනයට ඇතුළත් බව ද හෙතෙම පවසයි.

පාසල් පවත්වන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා ලෙස තීරණය කළේ විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට යටත්ව බවත්, වත්මන් පාලකයන් විද්‍යාත්මක ක්‍රමවේද නොතකා හරිමින් අත්තනෝමතිකව පාසල් පවත්වන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

තවද ගුරුවරුන් ලබන 12 වැනිදා පවත්වන එක්දින වර්ජනය හමුවේ පාසල් පවත්වන වේලාව වෙනස් නොකළහොත් ගුරු සංගම්වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය තෝරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us