ඇතැම් වෛද්‍යවරුන් නිකුත් කරනු ලබන ඖෂධ තුණ්ඩු රෝගීන්ට හා ඖෂධවේදීන්ට හඳුනාගැනීම සහ අවබෝධ කරගැනීම දුෂ්කර වී ඇති අතර නිවැරැදි ඖෂධ ලබා ගැනීමේදී බාධා සිදුවී රෝගියාගේ ආරක්ෂාවට ද අවදානමක් ඇති කර තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලේඛකාධිකාරී වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය.
මේ වනවිට වෛද්‍යවරුන් විසින් අපහැදිලි අත්අකුරු සහිතව කියවා ගැනීමට නොහැකි වන ආකාරයෙන් ඖෂධ තුණ්ඩු නිකුත් කරනා බවට ඖෂධවේදින්ගෙන් සහ ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් ඇති බවද හෙතෙම සඳහන් කළේය . මෙම තත්ත්වය හේතුකොටගෙන සියලු වෛද්‍යවරුන්ට එම මණ්ඩලය දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශිත ‘Guidelines on Ethical Conduct for Medical and Dental Practitioners registered with the SLMC’ යන නියමාවලියේ “Prescription Writing and Rational Prescribing” නමින් ඇති පරිච්ඡේදයේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවයි. මෙම උපදෙස් නොපිළිපැදීම වෘත්තිය වරදක් ලෙස සලකන බවත් එමගින් වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලේඛකාධිකාරී වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

