ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 244/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය පිළිබඳ විවාදය අරඹමින් සමරවීර මේ බව සදහන් කරයි.
"සියලු ඖෂධ හා සුවඳ විලවුන් සම්බන්ධව තිබෙන පනත මෙයයි.රටේ ජන සමාජයට ඖෂධ සපයා ගැනීම සම්බන්ධව ගැටලු රැසක් තිබුණා.ඖෂධ නිසි කලට සපයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.ඖෂධ සැපයුම් සියලු නියාමනයන්ට අදාළ ආයතනය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි.සමස්ත සෞඛ්‍ය සැපයුම් ජාලය ගත්විට වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන ගණනාවක් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සමඟ ගැට ගැසී තිබෙනවා.
යම් ඖෂධයක් සම්බන්ධයෙන් උපරිම මිලක් රටට අවශ්‍ය වී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.