ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook පිටුවේ සටහනක් තබමින් පොලීසිය පවසා ඇත්තේ ආදාළ සිද්ධීන් 05 ක් ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් සිදුවී ඇති අතර අනෙක් සිදුවීම බලහත්කාරයෙන් සිදුව ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති බවය.
බලහත්කාරය මත සිදුව ඇති අපරාධයේ සැකකරු මවගේ අනියම් පුර්ෂයා බව ද පොලීසිය සඳහන් කර තිබේ.
මෙම සිද්ධීන් සියල්ලෙහිම අදාළ සැකකරුවන් පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ගැහැණු දරුවන් වයස අවුරුදු 12,14,15 සහ 17 යන වයස්වල පසුවන විට දූෂණයට ලක් වුවද පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීම සඳහා ඇතැම් කාන්තාවන් ඉදිරිපත්ව ඇත්තේ වසරකට හෝ වසර දෙකකට පසුව බව සඳහන්වේ.
මෙම සිදධීන් 06 ආණමඩුව, තෙබුවන, ගම්පොල, පයාගල, දමන යන පොලිස් ස්ථානවලින් වාර්තා වී තිබේ.
නමුත් දෛනිකව සෑම පොලිස් කොට්ඨාසයකින්ම සිදුවීම් කිහිපයක් වාර්තා වන බැවින් ඔබගේ දියණියගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන ලෙස පොලීසිය වැඩිහිටියන්ට අවධාරණය කරයි.
එමෙන්ම යෞවන වියේදී හැඟීම් මත පදනම්ව අපරීක්ෂාකාරීව කටයුතු කළහොත් යම් අපරාධයක ගොදුරක් වී අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ලෙස පොලිස් ස්ථානවෙත පැමිණීමටත් සිරගත වීමටත් සිදුවිය හැකි බැවින් ඉදිරි අනාගතය පිළිබඳව සිතාබලා කටයුතු කිරීමට තරුණ ප්‍රජාවද කල්පනාකාරී විය යුතු බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.