එම වාර්තා පෙන්වා දෙන්නේ පොදු අපේක්ෂකයෙකු වෙනුවට තම පක්ෂයෙන් පමණක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ එක්සත් ජාතික පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකදී ද ඉගියක් පළ විය.
මේ අතර ඌව මැතිවරණයේ ප්‍රතිපල විග්‍රහ කරමින් දේශපාලන විචාරකයකු වන දයාන් ජයතිලක මහතා පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සටනක් දීමට නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කල යුතු එකම සුදුස්සා සජිත් ප්‍රේමදාස මහතා බවයි.