එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් රත්නායක, ජේ.එම්. ගුණතිලක, අජිත් දේශප‍්‍රිය නිලමේ, සුමිත් සමයදාස, නිමල් රත්නායක, අජිත් ලියනගේ, දයාරත්න බංඩාර, අනිල් චන්දන වැලිවිට, කේ.එම්. සිරිසේන එක්සත් ජාතික පක්‍ෂය ආර්. කුලතුංග ද පරාජය විය.
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සිට ආණ්ඩුපක්‍ෂයට එක්වූ රවී ගුණවර්ධන සහ ආණ්ඩු පක්‍ෂයේ සිට එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ මිහිමල් මුණසිංහ මහතා ද පරාජයට පත්විය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ සුදත් බලගල්ල සහ කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කළ අරවින්ද කුමාර මහතා ද මෙවර පරාජය වූහ.
ආණ්ඩුපක්‍ෂයේ සිට මොනරාගලින් ස්වාධීනව තරග කළ ඩබ්ලිව්.ඒ. උදයකුමාර මහතා ද පරාජය විය.
පළාත් සභා මන්ත‍්‍රී සුජීව ජයසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීය.