පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට වැඩ වරදී

Published in පුවත්
Monday, 29 September 2025 11:17

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳ සැල් සඳහා නඩු පැවරීමට ද කටයුතු කළ බවය.

සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය පැවසීය.

එම අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරයෙකු වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදි ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරිමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පැවසීය.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000 ඉක්මවීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්ව ඇත.

එම වැටලීම්වලින් 1,000කට අධික ප්‍රමාණයකට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us