අබලන් වූ පාසැල් වෑන් රථ අලුත්වැඩියා කරන්න දින 15ක කාලයක්

Published in පුවත්
Monday, 29 September 2025 07:20

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැස­කට ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් තත්ත්ව­යෙන් නුසු­දුසු බවත්, දින 15ක් ඇතු­ළත අලු­ත්වැ­ඩියා කට­යුතු කර මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සහ පොලී­සි­යට වාර්තා කරන ලෙස රියැ­දු­රන්ට දැනුම් දුන් බවත් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

ඔක්තෝ­බර් මස 01 වැනි­දාට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කර­ගෙන 1926 ශ්‍රී ලංකා ළමා දුර­ක­ථන සේවය පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ ස්ටික­ර­යක් ඇල­වීමේ ජාතික වැඩ­ස­ට­හන් මාලාවේ සමා­ර­ම්භක උලෙළ පසු­ගි­යදා (26) පෙ.ව. 6.30ට කොළඹ ආනන්ද විද්‍යා­ල­යේදී ආරම්භ විය.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් පහක් වන ආනන්ද විද්‍යා­ලය, නාලන්දා විද්‍යා­ලය, රාජ­කීය විද්‍යා­ලය, විශාකා විද්‍යා­ලය සහ කොළඹ සිරි­මාවෝ බාලිකා විද්‍යා­ලය යන පාස­ල්වල ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ­වල ප්‍රවා­හ­නයේ සුදු­සු­භා­වය පරීක්ෂා කිරීම ද ඊට සම­ගා­මීව සිදු විය.

එහිදී පරී­ක්ෂා­වට ලක් කළ රථ­වා­හන 500කට ආසන්න ප්‍රමා­ණ­යක් අත­රින් නුසු­දුසු යැයි පෙනී ගිය පාසල් වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් නාරා­හේ­න්පිට ශාලිකා ක්‍රීඩාං­ග­ණයේ ගාල් කර ඇති අතර, මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් ඒවා පරී­ක්ෂා­වට ලක් කර ඇත.

එහිදී හඳු­නා­ගත් ප්‍රවා­හ­න­යට නුසු­දුසු තත්ත්වයේ පාසල් වෑන් රථ­ව­ලට දින 15ක කාල­යක් අලු­ත්වැ­ඩියා කට­යුතු සඳහා දුන් අතර, ඒවා නැවත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තු­වට සහ පොලී­සි­යට වාර්තා කර ප්‍රවා­හන අව­කා­ශය ගන්නැයි දැනුම් දුන් බව ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

මේ වැඩ­ස­ට­හ­නට කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනී සරෝජා පෝල්රාජ්, ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ සභා­පති, විශ්‍රා­මික මහා­ධි­ක­රණ විණි­සුරු ප්‍රීති ඉනෝකා රණ­සිංහ මහ­ත්මීන් ඇතුළු නිල­ධා­රීහු ද, ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට අනු­යු­ක්ත­වන ක්‍රියා කරන විශ්ව­වි­ද්‍යාල තානා­ප­ති­ව­රුන්, මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන්, අධ්‍යා­පන අමා­ත්‍යාංශ නිල­ධා­රීන්, ශ්‍රී ලංගම නිල­ධා­රීන් ඇතුළු පොලී­සිය සහ­භාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us