ජනාධිපති ආරාධනා කලොත් තමන් දේශපාලනයට පැමිණෙන බව සූදානම් බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණද ඇත්ත වශයෙන්ම ගෝඨාභය දැනටමත් තිරය පිටුපස දේශපාලනයේ නිරතව සිටින බවද ඔහු පෙන්වා දෙයි.
'' ආරක්ෂක ලේකම්ගේ මෙම අදහසට මා ප්‍රශංසා කරන්නවා. අද ලේකම් ගෝඨාභය හෙට අමාත්‍ය ගෝඨාභය බවට පත්ව ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම අපි සාධරයෙන් පිළිගන්නවා. මල්ලිගේ කැමැත්ත තේරුම්ගෙන, නිසි ආරාධනය අයියා කල යුතු යයි මා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිනවා. මෙතෙක් කාලයක් ප්‍රශ්ණ වලට පිළිතුරු නොදී, තිරය පිටුපස දේශපාලනය කල ගෝඨාභය, පාර්ලිමේන්තුව තුලදී ප්‍රසිද්ධියේ පිළිතුරු දියයුතු තත්වයක් මේ හේතුවෙන් ඇතිවෙන අතර එය රටටත්ල නිවසටත් යහපත්'' යයිද ඔහු කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් කීය.