මෛත්‍රී පිට වෙයි - චන්ද්‍රිකාත් නිල නිවෙසින් පිට වෙන්න සුදානමින්

Published in පුවත්
Thursday, 11 September 2025 14:59

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ.

"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිල නිවසෙන් පිටව ගියේය.

ඒ ඊයේ (10) දිනයේ සම්මත වූ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වී යෑමත් සමඟය.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රැඳී සිටින්නේ පෞද්ගලික නිවාසවලය.

එමෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද පසුගිය වසරේ සිට නිල නිවසින් ඉවත්ව සිටී.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනතට ඊයේ කථානායක අත්සන් තැබූ අතර ඒ අනුව එතැන් සිට හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹූවට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවත්, මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුපද අහිමි වනු ඇති.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us