ලෝකයට සුභ ආරංචියක් - රුසියාවේ පිළිකා එන්නත අති සාර්ථකයි ! Featured

Published in පුවත්
Monday, 08 September 2025 12:20

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව පවසනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා දැන් මෙය ප්‍රතිකාර සඳහා යොදාගැනීමට හැකි වන බවයි.

ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා පවසන්නේ මේ වනවිට මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ණ සායනික අත්හදාබැලීම්වලින් සනාත වී ඇති බවයි.

නැ‍ඟ‍ෙනහිර ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එන්නත භාවිතයට මුදාහැරීම වෙනුවෙන් අවශ්‍ය නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි.
පූර්ව සායනික පරීක්ෂණවලදී එන්නත ආරක්ෂිත බව යළි යළිත් තහවුරු වූ බවත් ඇය කියාසිටියා.

කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ mRNA එන්නතට යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද පිළිකා ප්‍රතිකාර එන්නත Enteromix පිළිා එන්නත ලෙස දැනට හඳුන්වනවා.

පිළිකා ගැටිතිවල ප්‍රමණය අඩුකිරීමටත් එහි වර්ධන වේගය අඩාල කිරීමටත් 60% සිට 80%ක් දක්වා හැකියාව පවතින බවට සනාථ වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
එන්නතේ බලපෑම පිළිකා වර්ගය අනුව වෙනස් වනවා.

රුසියානු පර්යේෂකයන් පිරිස් විසින් මෙම එන්නත අත්හදා බලමින් සිටි අතර පසුගිය වසර 3 පුරාම එහි පූර්ව සායනික අත්හදාබැලීම් සිදුකර තිබුණා.

මෙම එන්නතේ මූලික භාවිතය කොලොරෙක්ටල් පිළිකා (බඩවැල් පිළිකා) සඳහා වනු ඇති බව බලධාරීහු පවසා තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us