රාජිතටයි ලන්සාටයි හිර බත් නැතුව ගෙදර බත් කන්න අවසර

Published in පුවත්
Monday, 01 September 2025 12:44

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ නිමල් ලන්සා හට නිවසේ සිට ගෙනෙනු ලබන ආහාර පරිභෝජනයට අවසර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කළේ, අදාළ පුද්ගලයන් දෙදෙනා විසින් සිදු කරන ලද විධිමත් ඉල්ලීම්වලට අනුව මෙම අවසරය ලබා දුන් බවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍ය අලාභයක් සිදු කළ බවට වූ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට සැප්තැම්බර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම, නිමල් ලන්සා, 2006 පළාත් පාලන මැතිවරණ සමයේදී හිටපු මීගමුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දීමක් සම්බන්ධයෙන් වූ චෝදනා මත සැප්තැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us