අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම රෝගී තත්වයන් හඳුනාගැනීමට පැකේජයක්

Published in පුවත්
Friday, 29 August 2025 11:48

වයස අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට පවතින රෝගී තත්ත්වයන් හඳුනාගැනීමට රජයෙන් පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසනවා.

ඒ අනුව, ඒ සඳහා එළඹෙන අයවැයෙන් මුදල් වෙන්කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

''අපේ ආණ්ඩුවේ ප්ලෑන් එක තමයි අවුරුදු තිස් පහට වැඩි හැම කෙනෙක්ම එක් එක් රෝග තියෙනවද කියලා චෙක් එක. අපි මේ සැරේ අයවැයෙන් ඒකට මුදල් වෙන් කරනවා. ඒක නිසා අපි හැමෝටම කියන්නේ ඒවාට සිංගප්පූරු එහෙම යන්න ඕනේ නැහැ. ළඟම තියෙන රෝහලට ගිහිල්ලා අවුරුදු තිස් පහට වඩා වැඩි නම් අපි රජයෙන් පැකේජයක් දෙනවා. ඒක සමහරවිට අපිට පෞද්ගලික රෝහල් වලිනුත් ඒ අවස්ථාව දෙන්න පුළුවන්.

ඒ පැකේජ් එකෙන් තමන්ගේ තියෙන ලෙඩ ටික බලාගන්න කියලා තමයි අපි කියන්නේ. මොකද එතකොට නැත්නම් අපිට ලොකු කොස්ට් එකක් යනවා. අපි අද මේ වැඩසටහන තිබ්බෙත් ඒකයි. ලොකු කොස්ට් එකක් යනවා. ඒ සඳහා වූ ප්‍රතිකාර විදි සඳහා. ඉතින් අපි හිතාගෙන හිටියේ අපේ රටේ ඉන්න අර දේශපාලන නායකයෝ හුඟක් ඒවා චෙක් කරගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙම වෙලා නැහැනේ. ඒක නිසා මේ ලබන අවුරුද්දේ අපි හැමෝම චෙක් කරගන්න කියලා තමයි. ජනතාවටත් ජනතාව හැමෝටම අපි කියනවා.''

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us