රටම හඩවමින් මියගිය පාසැල් දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

Published in පුවත්
Friday, 29 August 2025 09:06

සිසුවියන් දෙදෙනෙකුට සහ තවත් අයෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දුම්මලසූරිය කට්ටිමහන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

අනතුරෙන් මිය ගොස් තිබුනේ එම ප්‍රදේශයේම පදිංචි 12 හැවිරිදි රිෂිනි නෙතුපමා කුලරත්න සහ 13 හැවිරිදි මිහිදි සෙනායා නිල්නෙතු නැමති සිසුවියයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ 67 හැවිරිදි පාසැල් වෑන් රථ රියදුරු ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

එමෙන්ම අදාල අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත්ගේ නියෝගයකට අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාරවිල මූදූකටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක පුද්ගලයෙක්.

පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරු පැය 24ක් නොනිදා සේවය කර ඇති බව අනාවරණය වී ඇති බවයි.

එසේම, මියගිය වෑන් රථයේ රියදුරු අනතුර වලක්වාගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබූ බවද පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර, අනුරාධපුර හොරොව්පතාන - කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ, ඇලයාපත්තුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ ලොරි රථ අනතුරකින් 10 හැවිරිදි දැරියක් සහ 27 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබූ අතර පොලිසිය සැක කරන්නේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය දැරිය පාසල අවසන්වී නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබූ අතර ඇය මොරකෑව විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු සිට ඇති අතර රියැදුරු හා අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යැවුණේ, අනුරාධපුර රෝහලටයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us