සූදු නියාමන කෙටුම්පතින් දූෂණය තවත් වැඩිවෙයි - ඇඩ්වොකාටා වෙතින් ආණ්ඩුවට චෝදනා

Published in පුවත්
Tuesday, 26 August 2025 12:00

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීමෙන් සිදුවන්නේ තවත් දූෂණයට සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා හේතු පෑදීමක් බව ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න චෝදනා කරනවා.

එසේම එම තත්ත්වය ජාතික ජන බලවේග ආණ්ඩුවේ දුෂණ විරෝධී අරමුණුවලට පටහැනි බවයි ඔහු චෝදනා කරන්නේ.

එම පනත යුහුසුළුව සම්මත කිරීම වෙනුවට සිංගප්පූරුව, පිලිපීනය සහ මැකාටු වැනි පළපුරුදු රටවලින් රජය උපදෙස් ලබාගත යුතු බවත්, සම්මත කිරීමට යන පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු නිසා දුර්වල නියාමකයෙකු නිර්මාණය වීමේ ඉඩ ඇති බවත්, ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂකවරයා පවසන්නේ.

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින අඩුපාඩු නිසා මෙරටට තරගකාරී කලාපීය ක්‍රීඩකයෙකු ලෙස ස්ථානගත වීමට නොහැකි වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

තවද, මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නියාමනය සඳහා ගනු ලබන පළමු උත්සාහයවන බැවින් පසුකාලීනව එල්ලවන බලපෑම්වලින් නීති සංශෝධනය කිරීමට වඩා මේ වනවිටම එය නිවැරදිව සකස් කර ලබා ගැනීම වඩාත් පහසු බවයි පර්යේෂකවරයා වැඩිදුරටත් පවසන්නේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us