එමෙන්ම මීට ස්වල්ප වේලාවකට පෙර ඩිෆෙන්ඩර් ජිප් හත හටකින් පැමිණි පිරිසක් කතරගම දෙටගමුව සියඹලාගුණේ ගම්වල එහාට මෙහාට යමින් ඡන්ද දායකයන් තැති ගැම්මකට ලක් තිබේ.
තවද බණ්ඩාරවෙල දී මොන්ටෙරෝ රියකින් පැමිණි සන්ධාන ආධාරකරුවන් පිරිසක් ඡන්ද දායකයන්ට පහර දී ඇතැයි ද සිද්ධියට මැතිහත් වූ පොලිසියට ද ඔවුන් පහර දී ඇතැයි ද නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පැවසීය.
බදුල්ල වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ වන්ගිය කුඹුර හා පිටවෙල ආයුධ රැගෙන ආ පිරිස් විපක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන්ට තර්ජනය කර තිබේ.