ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යන්න නිෂ්පාදකයින් එකඟ වෙයි  

Published in පුවත්
Monday, 03 March 2025 13:32

දේශීයව නිෂ්පාදනය වන ලුණු මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට අලෙවි විය හැකි බවත් එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට ලුණු නිෂ්පාදකයන් එකඟතාව පල කරණ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාධ්‍ය නිවේදනයයි

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා.

'කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ලුණු නිෂ්පාදන ආයතන සමග සාකච්ඡාවක් පසුගිය 25 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත් විය.

වෙළඳපොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය මගින් සිදුකරන ලද මිල සමීක්ෂණයන්ට අනුව, පසුගිය කාලසීමාව තුල විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර්මාන්තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

රජයේ සහ ප්‍රමුඛපෙලේ ලුණු නිෂ්පාදකයින් ඇතුළු ආයතන දහ අටක් සමග සිදු කළ මෙම සාකච්ඡාවේදී දැනට පවතින වෙළදපොල තත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි මිල ගණන් පවත්වාගන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී .

ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය වන ලුණු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින් මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට එම ලුණු අලෙවි විය හැකි බව නිෂ්පාදකයන් විශ්වාසය පල කල අතර එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පැවතිය යුතු බවට අධිකාරිය සිදු කරණ ලද ඉල්ලීමට ඔවුන් එකඟතාව පල කරණ ලදී.

සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us