පාප් වහන්සේගේ නියුමෝනියා රෝගී තත්වය බරපතල බව වතිකානුව අනාවරණ කරයි Featured

Published in පුවත්
Wednesday, 19 February 2025 09:34

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවට වතිකානය අනාවරණ කර තිබේ.

මේ අනුව උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බව මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණෙි.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙවුණු දින කිහිපය පුරා රෝහල්ගතව කාලය ගතකරන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්ය.

මේ වනවිට උන් වහන්සේගේ පෙනහැළි දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පවතින රෝගී තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේගේ පැවති රෝගී ස්වභාවය තවත් තීව්‍ර සහ සංකීර්ණ වී ඇතැයි රෝහල් බලධාරීන් අනාවරණය කරයි.

ඒ හේතුවෙන් උන් වහන්සේ CT සහ X කිරණ ඇතුළු පරීක්ෂණ කිහිපයකට ලක්කිරීමටත් කටයුතු කර තිබුණි.

ශුද්ධෝත්තමයන් වහන්සේ පසුගිය සතියේ රෝමයේ ජෙමෙල්ලී රෝහලට ඇතුළත් කෙරුණේ බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

කෙසේ නමුත් උන් වහන්සේ වඩාත් යහපත් මානසික තත්ත්වයක පසුවන බවත්, යාච්ඥා කිරීම වැනි සාමාන්‍ය කටයුතුවල නිරතව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

එමෙන්ම තමන්ගේ සුව පැවැත්ම වෙනුවෙන් සුබපැතුම් එක්කළ සියලුදෙනාට ස්තූතිය පුද කිරීමටත් උන් වහන්සේ අමතක කර තිබුණේ නැත.

Last modified on Wednesday, 19 February 2025 09:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us