උණුසුම අද දිනයේත් "අවධානය යොමු කළ යුතු" මට්ටමකට

Published in පුවත්
Wednesday, 19 February 2025 09:02

මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (19) දිනයේත් "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවය.

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මත පාසල් ආශ්‍රිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා "අද දෙරණ" කළ විමසීමක දී සඳහන් කළේය.

මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොමු වීම පිළිබඳව ලැබෙන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි.

ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බව එම සංවිධානයේ පරිසර අධ්‍යාපන දැනුවත්කිරීමේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us