ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමේ නීතිපති නියෝගය තාවකාලිකව අත්හිටුවයි. සීඅයිඩියට සාක්ෂි හමුවෙලා ද?   Featured

Published in පුවත්
Thursday, 13 February 2025 16:03

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණි.

ඒ අනුව, මැයි 30වැනිදා නඩුව යළී කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා සිල්වා මහත්මිය නියෝග කර තිබේ.

කෙසේ වෙතත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ, එම නිදහස් කිරීම් නව සාක්ෂි හෙළිදරව්වක් මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි.

නීතිපති වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබිණි.

ප්‍රේම් ආනන්ද උදලාගම නමැත්තා නීතිපති විසින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළවය.

ඔහු හදුනාගැනීම සම්බන්ධයෙන් උද්ගතවූ නෛතික දුර්වලතා හේතුවෙන් අපරාධ චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් විය.

එම නිවේදනයේ වැඩිදුටරත් දක්වා තිබුණේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් තිස්සසිරි සුගතපාල හා සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන දෙදෙනාද චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ නමුත් නීතිපති නියෝගය යළි හකුලා ගනු ලැබුවේ මෙම ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව සාක්ෂි හමුවීමෙන් පසුවද නැතිනම් සමාජය තුළින් එල්ල වූ බලපෑම් හමුවේ ද එසේත් නැතිනම් ආණ්ඩුවේ බලපෑම් හමුවේ ද යන්න පැහැදිලි නැත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us