කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා හඳුන්නෙත්ති ගමින් ගමට යයි  

Published in පුවත්
Thursday, 13 February 2025 11:58

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයකට අනුව කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “ FACE TO FACE - MEET THE MINISTER ” වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ඊයේ (12 දා) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් හා ව්‍යවසාකයන්ගේ ගැටලු එකම වේදිකාවක් මතදී අමාත්‍යවරුන් ප්‍රමුඛ වගකිවයුතු නිලධාරීන් වෙත යොමු කිරීමට හැකිවිය.

රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූ මෙම වැඩසටහනේදී කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉඩම් ගැටලුව, රජය විසින් අයකරන බදු, තාක්ෂණික අවශ්‍යතා, කර්මාන්ත සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීම, අමුද්‍රව්‍ය සපයාගැනීම, අමුද්‍රව්‍ය ප්‍රවාහනය, ප්‍රාග්ධනය සපයාගැනීම, පාරිසරික ගැටළු, රාජ්‍ය ආයතන වල සේවය ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා ඇතුළු ගැටළු රාශියක් අමාත්‍යවරුන් වෙත ඉදිරිපත්කරන ලදී.

කෘෂි නිෂ්පාදන, ධීවර ආශ්‍රිත කර්මාන්ත, ෆයිබර්, පිඟන්, මැටි හා උළු, සංචාරක, ලුණු වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් රැසක් තම ගැටළු විසඳාගැනීමේ අරමුණින් මෙම වැඩසටහනට සහභාගී වී සිටියහ.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු කඩිනමින් විසඳීම සඳහා අදාල වගකිවයුතු පාර්ශව වෙත යොමු කිරීමට පියවර ගත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැමිණ සිටි කර්මාන්තකරුවන් අමතමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන බටඅත හා සූරියවැව කර්මාන්ත පුරවල කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර එම කර්මාන්තපුර ඉතා ඉක්මනින්ම කර්මාන්තකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් අමුද්‍රව්‍ය හා අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙම වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු අතුළු නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක, ප්‍රාදේශීය ලේකම්වරු කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන්, අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us