ආසියානු පක්ෂ සමුළුව ගිය අයට එන්න කියන්න

Published in පුවත්
Friday, 19 September 2014 13:52

කොළඹ දී පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සඳහා භාරතීය ජනතා පක්ෂ නියෝජිතයින් සහභාගීවීම පිළිබඳ ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ සිය විරෝධය පළකර තිබේ. එරට මාධ්‍ය මේ බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන මෙම සමුළුවට භාරතීය ජනතා පක්ෂ සාමාජිකයින් සහභාගී වීම තමිල්නාඩු ජනතාව නොසළකා හැරීමක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ පෙන්වා දෙයි.

එම නිසා මේ වනවිට සමුළුවට සහභාගි වී සිටින නියෝජිතයින් වහාම යළි ගෙන්වා ගත යුතු බව වයිකෝ ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් වන මුරලිදර් රාඕ සහ විජේ ජොලි සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සමඟ කොළඹ දී හමුවක් පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සහ ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා වී ඇති බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us