හිටපු නිලමේ යළිත් රත්නපුර සමන් දෙවොලේ වැඩ භාර ගනී Featured

Published in පුවත්
Wednesday, 05 February 2025 09:11

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ අධිකරණ නියෝගයකින් ඉවත් කිරීමෙන් පසු හිටපු බස්නායක නිලමේවරයා ඇතුළු රාජකාරි මණ්ඩලය ඊයේ (පෙබ. 4) සිට මෙතෙක් අකර්මණ්‍ය වී තිබූ සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර මහතා ප්‍රමුඛ රාජකාරි මණ්ඩලයේ කිහිප දෙනෙකු විසින් කොළඹ අභියාචනා අධිකරණයේ ගොනු කරන ලද නඩුවක් පෙරේදා සලකා බැලූ අභියාචනා අධිකරණය එම වැඩ බලන බස්නායක නිලමේවරයා එම තනතුරින් ඉවත් කිරීමට තීන්දුවක් ලබා දී තිබිණි.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස මැණික් ව්‍යාපාරික එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීම සිදු කර තිබිණි.

එමෙන්ම ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

හිටපු බස්නායක නිලමේගේ ධූර කාලය අවසන් වූ පසු වර්තමාන වැඩ බලන බස්නායක නිලමේවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදාය කඩකරමින් හා අනීතිකව බව පවසමින් මෙම පත් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝග නිකුත් කලේය.

මෙම පත් කිරීමට විරෝධය පල කරමින් පසුගියදා සමන් දේවාලය ඉදිරියේ විරෝධතාවක් පැවති අතර ඔවුන් පැවසුවේ වැඩබලන බස්නායක නිලමෙවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us