විනාඩි 10කින් රටේම රිළවුන් සංගණනයකට සුදානමක්

Published in පුවත්
Wednesday, 05 February 2025 08:59

ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ගැවසෙන රිළා ගහණය පිළිබඳව නිශ්චිතව අනාවරණය කර ගැනීමට සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසීය.

වනාන්තර හා සංරක්ෂිත ප්‍රදේශ හැර නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදු කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල පුද්ගලික හා රජයේ වතු, ආයතන ආශ්‍රිත ඉඩම්, පාසල්, රෝහල් භූමි, නිවාස ආශ්‍රිතව ගැවසෙන රිළවුන් සංගණනය කෙරෙන බවද සභාපතිවරයා පැවසීය.

මේ අනුව,ඉදිරි දිනක විනාඩි 10 ක් වැනි එකම වේලාවක් තුළ සංගණනය පවත්වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා සංගණනය සිදු කිරීමට පෙර නියැඳියක් යොදාගෙන මුලින් සංගණනයක් සිදු කරන බවද ඔහු පැවසීය.

වගාවන්ට රිළවුන්ගෙන් සිදුවන හානි අවම කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය එම අමාත්‍යාංශවලට සම්බන්ධ පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නියෝජනය වන පරිදි කමිටුවක් ස්ථාපිත කර ඇත.

මෙම කමිටුව මේ වනවිට රිළවුන්ගෙන් වගාවට සිදුවන හානි සම්බන්ධව සූම් තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමගද සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවලදී තීරණය කළ පරිදි රිළවුන් සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇත. ඊට ග්‍රාම නිලධාරීන්,ක්ෂේත්‍ර නිලධාරීන් සහ තවත් ආයතන රැසක සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය. එමෙන්ම ප්‍රජා සහභාගිත්වයද මෙම සංගණනයට ලබා ගන්නා බවද සභාපතිවරයා කියා සිටියේය.

ජන ජීවිතයට සහ වගාවලට හානි කරන රිළවුන් කොපමණ සිටීදැයි ගණනය කිරීම මෙම සමීක්ෂණයේ මූලික අරමුණ බවද ඔහු සඳහන් කළේය.

එම සංගණනය අනුව රිළවුන්ගේ බලපෑම වැඩිපුරම ඇත්තේ කුමන දිස්ත්‍රික්කවලටද යන්න තීරණය කළහැකි බවත්, ඒ අනුව රිළා ගහනය පාලනය කිරීමට ඉදිරි පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය.

ඉකුත් 2024 වසරේදී රටේ සමස්ත පොල් අස්වැන්න සියයට 10 කින් පමණ අඩුවී තිබෙන බවත්, එලෙස අස්වැන්න අඩුවීමට රිළවුන්ගේ බලපෑමද හේතුවූ බවද සභාපතිවරයා කියා සිටියේය.

Last modified on Wednesday, 05 February 2025 09:14

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us