‘සහතික වී මිල ප්‍රමාද කරන්නේ මෝල් හිමියන්ගේ වාසියට ද?’- මන්ත්‍රී මුජිබර් රහුමාන්

Published in පුවත්
Wednesday, 29 January 2025 08:40

නැගෙනහිර පළාතේ වී අස්වැන්න ලබාගෙන විකිණීම ආරම්භ කරමින් සිටින නමුත් ආණ්ඩුව තවමත් වී සඳහා සහතික මිලක් නියම කර නැති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 28) ආණ්ඩුවට චෝදනා කළේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කර ගැනීමට ආණ්ඩුව වී මිල සහතික කරන්නේ නැතිව එය ප්‍රමාද කරන්නේද යන ප්‍රශ්නය මතුවන බව ත් මේ අනුව මෙම ක්‍රියාවලිය තුළ යම් කුමන්ත්‍රණයක් තිබෙන බව ත් සැකයක් තිබෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කීවේය.

නැගෙනහිර පළාත් ප්‍රදේශවල වී අස්වැන්න නෙළීමෙන් පසු ගොවියන් වී විකිණීම ආරම්භ කර ඇති බව ත් වී සඳහා සහතික මිලක් දීමට කටයුතු කරන්නේ වී අස්වැන්න විකුණා අවසන් වීමට පසුවද යන්න ආණ්ඩුවෙන් අහන බව ත් මන්ත්‍රිවරයා කීවේය.

මේ නිසා වී මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කර ගැනීමේ ක්‍රමවේදයක ආණ්ඩුව නිරතවන බව පැහැදිලි යැයි ඔහු කීය.

රටේ බොහෝ ප්‍රදේශවල රතු කැකුළු, සුදු කැකුළු සහල්වල හිඟයක් තිබෙන බවත් සහල් වෙළෙඳපොළ තුළ තිබුණත් රුපියල් 300ට වැඩි බව ත් රතු සම්බා සහල් කිලෝවක් රුපියල් 320ක් යැයි ඔහු කීය.

මේ අනුව සහල් හිඟය හේතුවෙන් විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

-මව්බිම

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us