බේර වැවේ සතුන් මියයෑම පිළිබඳ අවසන් පරීක්ෂාව අද

Published in පුවත්
Wednesday, 29 January 2025 08:11

කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා ආයතනය පවසයි.

එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ, අදාළ පර්යේෂණවලදී එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවය.

"ජෛව රාසායනික ඔක්සිජන් ඉල්ලුම කොච්චරක්ද කියලා බලන්න බේර වැවෙන් ලබාගත් ජල සාම්පලවල ඒ පරාමිතය සිදුකරන්න අඩුම තරමේ දවස් 05ක් ඕනේ. අපි සිකුරාද තමයි බේරේ වැවෙන් ජල සාම්පල ලබාගත්තේ එතකොට අද තමයි දවස් 05 සම්පූර්ණ වෙන්නේ. එතකොට අද හවස් වෙද්දි ඒ පරාමිතය විශ්ලේෂණය කරලා එහි ප්‍රතිඵල මොනවාද කියලා කියන්න පුළුවන්. දැනට සිදුකරපු පරීක්ෂණවලින් අපිට පෙනෙන්නට තියෙන්නේ අපිට රසායනිකව ඔක්සිජන් ඉල්ලුම වැඩි අගයක් තියෙනවා කියලා අනාවරණය වුණත් අපට තියෙන එක දෙයක් තමයි මේකේ මැරිලා තියෙන්නේ තාරාවෝ විතරයි. බේරේ වැවේ මාළු මැරුණා කියලා අපිට කිසිම විදිහකින් අනාවරණය වෙලා නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් තියෙනවානම් තාරවන්ට කලින් ගොඩක් වෙලාවට මාළු මැරෙන සන්සිද්ධීන් තමයි අපිට ගොඩක් බේරේ වැවෙන් වාර්තා වෙලා තියෙන්නේ කලින් කලට. මේ අවස්ථාවේදී අපිට අනාවරණය වුණේ තාරාවෝ විතරක මිය යනවා කියන එක. එම නිසා තවදුරටත් නාරා ආයතනය සිදුකළ පරීක්ෂණවලට අමතරව නිර්දේශ කරනවා පශූ වෛද්‍ය එසේ නැතිනම් කුමන හෝ පරීක්ෂණ ආයතනයට කියලා මේ මියගිය තාරවන් කාලා තියෙන්නේ මොනවද ? ඒ අය රුධිර සාම්පල්වල මොනව ද තියෙන්නේ ? ඊට අමතරව අභ්‍යන්තර ඉන්ද්‍රීන්ගේ මොනවද තියෙන්නේ ? ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා."

මේ අතර කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ සිදුකළ පර්යේෂණවලින් අවසන් නිඟමනයකට එළැඹීමට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us