සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ - නලින්ද ජයතිස්ස

Published in පුවත්
Tuesday, 28 January 2025 13:47

සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

"කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී  මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු අස්වැන්නක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නාඩු ප්‍රශ්නයට අපි විසඳුමක් ලාබා දුන්නා. මේ ප්‍රශ්නයට ක්‍රමාණුකූල විසඳුමක් දී ගෙන යනවා. අනික් පැත්තෙන් මේ අවස්ථාව දඩමීමා කරනගෙන කවුරු හරි අයුතු ලාභයක් ගන්න හදනවානම් පාරිභෝගික කටයතු අධිකාරය හරහා  වැටලීම් කරනවා."

Last modified on Tuesday, 28 January 2025 13:53

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us