තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන නැහැ - කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

Published in පුවත්
Thursday, 23 January 2025 16:50

වාහන ආනයනයේදී තීරුබදු රහිත බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද(ජන. 23) පාර්ලිමේන්තුවේදී ය.

තීරුබදු රහිත වාහන බලපත්‍ර මගින් වාහන ආනයනය මේ වසරට සීමා කිරීමක් මිස බලපත් අහෝසි කිරීමක් සිදුව නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

වාහන බලපත්‍ර ප්‍රතිලාභය අහෝසි කිරීමේ ස්ථාවරයක රජය නැතැයි ද ඔහු අවධාරණය කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේ ද කීය.

“වාහන පර්මිට්ස්වලට කිසිම වෙලාවක රජයේ ස්ථාවරයක් නෑ නිලධාරින් හෝ සුදුසුකම් තිබෙන අයට ප්‍රතිලාභය අහිමි කරන්න. මොකද මේ ප්‍රතිලාභය දෙද්දීත් ගත්ත ක්‍රියාමාර්ගවල අතීතයේ වැරැදි තීන්දු තීරණ තියෙන්න පුළුවන්.

ඔවුන්ට සාධාරණ වැටුපක් ප්‍රතිලාභයක් නැති නිසා සමහර වෙලාවට මේ පර්මිට් ලබා දීම හෝ වෙනත් දේ එල්ලලා තිබෙනවා. කෙසේ වෙතත් ඒවා වෙන ම අධ්‍යනය කළ හැකියි. ප්‍රස්තුත කාරණය මේ වර්ෂයට සාපේක්ෂව නිකුත්ව තිබෙන බලපත් ප්‍රමාණය ගත්තාම විශාල ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල පහළොස් දාහක් විසිදාහක් විතර තියෙනවා. අර විදේශ සංචිත ප්‍රමාණය බලලා පර්මිට්වලට ඉඩ ඇරියොත් මේ වසරේදී අපි මේ කී ආර්ථික ඉලක්කයට ළඟාවෙන්න බැරිව යනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැරිව යනවා. ඒ නිසා ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් මිස ප්‍රතිපත්තියක් හැටියට අහෝසි කරන්න තීන්දුවක් ගෙන නෑ.”

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us