ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ගැන කියපු සියල්ලම ඇත්ත - ආනන්ද පාලිත නැවත තහවුරු කරයි.   Featured

Published in පුවත්
Saturday, 11 January 2025 15:54

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා යොමු කරනු ලැබූ එන්තරවාසියට පිළිතුරු ලිපියක් ආනන්ද පාලිත මහතා විසින් යොමු කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා වැටුප් සහ දීමනා අධික ලෙස වැඩි කරගෙන ඇති බවට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන ආනන්ද පාලිත සිදු කළ හෙළිදරව් කිරීමකට එරෙහිව එන්තරවාසියක් යැවීමට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා පසුගියදා පියවර ගෙන තිබුණි.

නීතීඥවරයෙකු මාර්ගයෙන් එම පිළිතුරු ලිපිය යොමු කරමින් ඔහු පවසා ඇත්තේ මාධ්‍ය හමුවේදී තමන් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය කරුණු වන බැවින් සහ එලෙස මාධ්‍ය හමුවකදි සත්‍ය කරුණු හෙළිදරව් කිරීම යම් තැනැත්තෙකුටය සිදුකරන අපකීර්තියක් හෝ අවමානයක් ලෙස සැලකිය නොහැකි බවය.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

නීතිඥ සම්පත් යලේවත්ත මහතා,
අංක 1142/22, ආසිරි උයන,
වාසලවත්ත පාර, ලියනගොඩ, පන්නිපිටිය.
මහත්මයාණෙනි,

එන්තරවාසියට පිළිතුරු ලිපියයි

මාගේ සේවාදායක වන වත්තල, කෙරඟපොකුණ, සිංහ පාර, අංක. 43/8 හි පදිංචි දොන් දෙමටගේ ආනන්ද පාලිත යන අයගේ උපදෙස් මත ලියමි. ඔබතුමා විසින් මාගේ සේවාදායකට එවන ලද 2024/12/24 දින දරණ එන්තරවාසිය මා හට යොමුකරමින් ඊට පිළිතුරු සපයන ලෙසට උපදෙස් ලබා දී ඇත.

මෙහි මින්මතු ප්‍රකාශිතවම පිළිගනු ලබන යම් කරුණක් වෙතොත් එම කරුණු හැරුණු කොට ඔබතුමාගේ ඉහත කී ලිපියේ අන්තර්ගත සෑම සියලු කරුණක්ම එක්ව හා වෙන් වෙන්ව මාගේ සේවාදායක විසින් ප්‍රතික්ෂේප කර සිටි.

මාගේ සේවාදායක මුල් අවස්ථාවේදීම ප්‍රකාශ කර සිටින්නේ ඉහත කී එන්තරවාසියෙහි දක්වා ඇති පරිදි මාගේ සේවාදායක විසින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලද සියළුම කරුණු සත්‍ය කරුණු වන බැවින් සහ එලෙස මාධ්‍ය හමුවකදී සත්‍ය කරුණු හෙළිදරව් කිරීම යම් තැනැත්තෙකුට සිදු කරන අපකීර්තියක් හෝ අවමානයක් ලෙස සැළකිය නොහැකි බවත්ය.

මාගේ සේවාදායක විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මාගේ සේවාදායක ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග නිමා සමාගමේ (CPSTL) අඛණ්ඩ වසර 40 කට වැඩිසේවා කාලයක් සම්පූර්ණ කොට 2018.10.21 වන දින විශ්‍රාම ලැබූ සේවකයෙක් වන බවත් සිය සේවා කාලය තුළදි වෘත්තිය සමිති ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග නිමා සමාගමේ සිදුවූ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් රටේ ජනතාව දැනුවත් කිරීමටත් ඒ හරහා ඛනිජ තෙල් සේවකයන්ගේ සහ රටේ සමස්ථ ජනතාවගේ අයිතීන් සුරක්ෂික කිරීමට කටයුතු කළ සහ කරමින් සිටින සිවිල් ක්‍රියාධරයකු බවත්ය.

මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කර සිටින්නේ විශ්‍රාම ගැනීමෙන් පසුවද මාගේ සේවාදායක ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නිලධාරීයකු ලෙස සහ 2022 වර්ෂයේ සිට සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන බවත් ඒ අනුව 2024.12.13 වන දින පිටකෝට්ටේ සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති මූලස්ථානයේදි සමගි ජන බලවේගයේ වෘත්තීය සමිතිය වෙනුවෙන් පොදුවේ මාධ්‍ය හමුවක් පවත්වන ලද බවත්ය.

එසේම මාගේ සේවාදායක මා වෙත උපදෙස් දෙමින් ප්‍රකාශ කරන ලද්දේ මාගේ සේවාදායක සහ සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු වර්ෂ 2024.12.06 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා හමුවී තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන්ගේ දූෂිත පත්කිරීම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී එකී දූෂිත ක්‍රියා පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය සතුවද තොරතුරු විශාල ප්‍රමාණයක් පවතින බවත් ඊට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවත් ජනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශ කළද ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙනෙන්නට නොතිබීම නිසා එම මාධ්‍ය හමුව පවත්වා රටේ ජනතාව දැනුවත් කිරිමට අවශ්‍යතාවයක් මතුවූ බවත්ය. එමෙන්ම එහිදී ජනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා අනාවරණය කර ඇත්තේ සංස්ථා සභාපතිවරයකු වැටුප් නොගෙන ගෞරවාන්විත සේවයක් ඉටුකළ යුතු බව හෝ අවම වැටුපකින් සේවය කළයුතු බව සහ අවම වියදමකින් ප්‍රවාහන කයුතු ඉටුකර ගත යුතු බව රජයේ ප්‍රතිපත්තිය වන බවත්ය.

එසේම මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කර සිටින්නේ එම මාධ්‍ය හමුවෙන් පසුව 2024.12.18 වන දින “අරුණ“ පුවත්පතේ මාගේ සේවාදායකගේ නමද සඳහන් කරමින් මාගේ සේවාදායක විසින් හෙළිදරව් කරන ලද කරුණු ඇතුළත් කර සකස් කරන ලද ලිපියකට පිළිතුරු ලෙස ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් එම සංස්ථාවේ ලිපි ශිර්ෂය අඩංගු ලිපියක් මගින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙත එකී ප්‍රවෘත්තියට එරෙහිව ඊට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දන්වා ඇති බවත් ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ නියමය මත සියළු මාධ්‍ය මගින් ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ එකි ස්ථාවරය ප්‍රචාරය කළ බවත්ය. ඒ අනුව 2024.12.19 වන දින මාගේ සේවාදායක විසින් නැවත මාධ්‍ය හමුවක් පවත්වා අදාළ සංඛ්‍යාලේඛන දත්ත සහිතව විස්තරාත්මක ලෙස ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා සමිබන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළ බව මාගේ සේවාදායක මා හට උපදෙස් දෙමින් ප්‍රකාශකර සිටි.

එමෙන්ම මාගේ සේවාදායක විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මාගේ සේවාදායක විසින් ඛනිජතෙල් සංස්ථාව විසින් කජු මිලදී ගැනීම සමිබන්ධයෙන් බිල්පත් අංක සහිතව සත්‍ය තොරතුරු නිවැරදිව ඉදිරිපත් කර ඇති බවත් අදාල සත්‍ය තොරතුරු යටපත් කිරීම උදෙසා තොරතුරු ලබාදුන් නිලධාරීන්ට එරෙහිව ඔබගේ සේවාදායක විසින් විමර්ෂණ ආරමිභ කිරීම තුළින්ම ඔබගේ සේවාදායක ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිදුකරන ලද දූෂිත ක්‍රියා යටපත් කිරීමට කිටයුතු කරන බව මනාව තහවුරු වන බවත්ය.

එසේම මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කර සිටින්නේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් ලබාගත් වැටුප් සම්බන්ධයෙන් ද මාගේ සේවාදායක විසින් මාධ්‍ය හමුවේදී සදහන් කරන ලද කරුණු මුළුමනින්ම සත්‍ය කරුණු වන බවයි.

වත්මන් සභාපතිවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා ලෙස රුපියල් හය ලක්‍ෂ විසිපන් දහසක (රු.625,000/-) දිමනාවක් සහ රුපියල් පහළොස් දහසක (15,000/-) අධ්‍යක්ෂ මණ්ඩල දිමනාවක් ලබාගන්නා බව මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කරන ලද්දේ 2024.11.10 දිනැති හා අංක 252 දරණ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුව බව මාගේ සේවාදායක මා හට උපදෙස් දෙමින් ප්‍රකාශකර සිටි.

මාගේ සේවාදායක විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ අංක PED 01/2020 සහ 2020.01.27 දිනැති චක්‍රලේඛනය අනුව සංස්ථා සභාපතිවරයෙකුට ලබාගත හැකි උපරීම මාසික දීමනාව රුපියල් ලක්ෂයක් (රු.100,000/-) පමණක් වන බවත් මුදල් අමාත්‍යංශයේ අංක PED 03/2015 සහ 2015.06.17 දිනැති චක්‍රලේඛනය අනුව එක් ආයතනයක පූර්ණකාලීනව සභාපති ලෙස කටයුතු කරන තැනැත්තෙකු තවත් ආයතනයක සභාපති ධුරයක් දරන්නේ නම් පළමු ආයතනයෙන් ලබා ගන්නා දීමනාවෙන් 50% ක් පමණක් දෙවන ආයතනයෙන් දීමනාවක් ලෙස ලබා ගත යුතු බවත්ය. ඒ අනුව මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කර සිටින්නේ ඔබගේ සේවාදායකහට නීත්‍යානුකූලව හිමිකම ඇත්තේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස රුපියල් ලක්ෂයක (රු.100,000/-) මාසික දීමනාවක් සහ ඛනිජ තෙල් තොග නිමා සමාගමේ සභාපතිවරයා ලෙස රුපියල් පනස් දහසක (රු.50,000/-) මාසික දීමනාවක් ලබා ගැනීමට පමණක් වුවද ඔබගේ සේවාදායක විසින් ඉහත කි 2024.11.10 දිනැති හා අංක 252 දරණ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුව රුපියල් හය ලක්ෂ විසිපන් දහසක (රු.625,000/-) දිමනාවක් ලබාගෙන තිබීම මත ඔහුගේ දුෂිත ක්‍රියා කලාපය තහවුරු වන බවත්ය.

තවද මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කර සිටින්නේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් ඔහුගේ දුෂිත ක්‍රියා කලාපය උපයෝගී කර ගනිමින් සුඛෝපභෝගි ජිවිතයක් ගත කරන බව තහවුරු වන තවත් කරුණක් ලෙස සිය නිළ වාහන ලෙස ඛනිජතෙල් සංස්ථාවට අයත් CAB 2355 දරණ බෙන්ස් වර්ගයේ රථයද ඛනිජ තෙල් තොග ගබඩා සමාගමට අයත් KV 4078 දරණ BMW වර්ගයේ රථයද යනුවෙන් වාහන දෙකක් භාවිතා කිරීමත් වන බවත්ය. විශේෂයෙන්ම සුඛෝපභෝගි වාහන භාවිතා නොකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත් ආණ්ඩුවක් යටතේ නීතිවිරෝධි ලෙස වාහන දෙකක්ම භාවිතා කිරීම තුළින්ම මෙන්ම තවද ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් ස්වකීය පවුලම ආවරණය වන ලෙස සංස්ථාවේ මුදලින් සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ ලබාගෙන තිබිම තුළින්ද ඔබගේ සේවාදායකගේ දුෂිත ක්‍රියා කලාපය තවදුරටත් තහවුරු වන බවත් මාගේ සේවාදායක මා හට උපදෙස් දෙමින් ප්‍රකාශකර සිටී.

ඉහත කරුණු අනුව මාගේ සේවාදායක විසින් ප්‍රකාශ කර සිටින්නේ ඔබගේ සේවාදායක වන ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය වත්මන් රජය විසින් ජනතාවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති වලට මුළුමනින්ම පටහැනි වන බවත් වත්මන් රජය රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් අවම වරප්‍රසාද ලබාගෙන අනවශ්‍ය වියදම් අවම කරගනිමින් කටයුතු කළ යුතු බවට ප්‍රකාශ කර තිබියදී එම රජයේම සංස්ථා සභාපතිවරයෙකුගේ මෙවැනි දූෂිත ක්‍රියාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තම යුතුකම සහ වගකීමක් ලෙස සළකා මාගේ සේවාදායක විසින් ඉහතින් දක්වන ලද මුළුමනින්ම සත්‍ය කරුණු මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කළ බවත්ය.

තවද වත්මන් රජයේ ප්‍රතිපත්ති අනුව රජයේ ආයතන විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම අනිවාර්ය අංගයක් වන නිසා රාජ්‍ය සංස්ටා ප්‍රධානියෙකුගේ දූෂිත ක්‍රියාවන් පිළිබඳව සත්‍ය තොරතුරු මාධ්‍ය ආයතය දැනුවත් කිරීම මගින් ජනතාවට ඉදිරිපත් කිරීම කිසිවෙකුට අපහාස සිදුකිරීමක් නොවන බව මාගේ සේවාදායක විසින් මා හට උපදෙස් දෙමින් කියා සිටින අතර ඔබ විසින් යොමු කරන ලද. එන්තරවාසියේ සඳහන් චෝදනා කිසිවක් සම්බන්ධයෙන් මාගේ සේවාදායකහට කිසිදු ආකාරයක ඝෘජු හෝ වක්‍රකාර වගකීමක් නොමැති බවත් අවධාරණය කර සිටී.

එපමණක් නොව ඔබගේ සේවාදායක සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන වැදගත් චරිතයක් නොවන බවත් ඔහු ඛනිජතෙල් සංස්ථාවට අයත් මුතුරාජවෙල පර්යන්තයේ පර්යන්ත කළමණාකරු ලෙස සේවය කළ සේවකයකු පමණක් බවත් පර්යන්ත කළමණාකරු ලෙස සේවය කරන කාලයේදී බාල තෙල් අඩංගු නැවකින් තෙල් රටට ලබාගෙන විශාල හානියක් රටට කළ පුද්ගලයකු බවත් මෙන්ම වෝහාරික වගණනයක් මගින් ඔහුකළ දුෂිත ගණුදෙනු හෙළිදරවුකර ඇති බවත් ඒ අනුව ඔහුට ස්වභාවයෙන්ම නරක චරිතයක් ඇති පුද්ගලයකු බවත් ඒ අනුව එවන් දුෂිත ගණුදෙනු ඇති ස්වභාවයෙන්ම නරක චරිතයක් ඇති පුද්ගලයකු ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ලෙස පත්වීම මුල්කරගෙන වන්දි අධි තක්සේරු කිරීම කිසිදු ලෙසකින් සාධාරණ නොවන බවත් මාගේ සේවාදායක පැහැදිළිවම අවධාරණය කර සිටී.

එමෙන්ම මාගේ සේවාදායකට එරෙහිව ඔබතුමන්ගේ සේවාදායක නඩු පැවරුවහොත් එම නඩු කටයුත්තේදී ඔබතුමන්ගේ සේවාදායකගේ සමස්ථ දුෂිත ගණුදෙනු සියල්ල සාක්‍ෂි සහිතව හෙළිදරවු කරන බවත් මාගේ සේවාදායක කියා සිටී.

අනෙක්අතට ඔබගේ සේවාදායකගේ දූෂිත ක්‍රියාවන් පිළිබඳව මාගේ සේවාදායක විසින් දක්වන ලද කරුණු අසත්‍ය වන්නේ නම් ඉහතින් දක්වන ලද කරුණු අසත්‍ය බවට අධ්‍යක්‍ෂක මණ්ඩල පත්‍රිකා, වැටුප් වාර්ථා සහ අනෙකුත් බිල්පත්වල පිටපත් මෙම ලිපියට පිළිතුරු ලිපියක් මගින් ඉදිරිපත්කරන ලෙසට මාගේ සේවාදායක ඉල්ලා සිටි.

එමෙන්ම 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ (Anti-Corruption Act No. 9 of 2023) 111 වගය යටතේ මාගේ සේවාදායක විසින් ඔබගේ සේවාදායකට එරෙහිව මුදල් අමාත්‍යංශයේ අංක PED 01/2020 සහ 2020.01.27 දිනැති වකුලේඛනයට සහ මුදල් අමාත්‍යාංගයේ අංක PHD 03/2015 සහ 2015.06.17 දිනැති එකලේඛනයට පටහැනිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා ලෙස රුපියල් හය ලක්‍ෂ විසිපන් දහසක (රු.625,000/-) දිමහාවක් ලබා ගැනීමට එරෙහිව සහ ඛනිජතෙල් සංස්ථාවට අයත් CA132355 අරණ බෙන්ස් වර්ගයේ රථයද ඛනිජ තෙල් තොග ගබඩා සමාගමට අයත් KV 4078 දරණ IMW වර්ගයේ රථයද යනුවෙහි වාහන දෙකක් භාවිතා කිරීමට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොන් සභාවට පැමිණිලි කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති එමෙන්ම මාගේ සේවාදායක ප්‍රකාශ කරන්නේ මෙම නඩු කටයුත්ත පුද්ගලික නඩු කටයුත්තක් වන බැවින් ඔහුගේ සේවායකගේ නීතිඥ ගාස්තු ඔහු විසින් පුද්ගලිකවම දැරීය යුතුව ඇති බවත් එසේ නොමැතිව සංස්ථාවේ මුදල් ඒ සඳහා යෙදවුවහොත් ඔබගේ සේවාදායකට එරෙහිව පමණක් නොව ඒ සඳහා අනුමැතිය ලබාදෙන නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ය.

අවසන් වශයෙන් ඔබතුමන් හට වැඩිදුරටත් දැනුම් දෙනු ලබන්නේ මාගේ සේවාදායකට එරෙහිව ඔබතුමන්ගේ සේවාදායක නඩු පැවරුවහොත් ඊට එරෙහිව උත්තර කියා ඔබතුමන්ගේ සේවාදායකට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට සහ ද්වේෂ සහගත ලෙස නඩු පැවටීමට එරෙහිව වන්දි නඩුකරයක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවට ඔබතුමා හට දැනුම් දෙන ලෙසට මා හට මාගේ සේවාදායක උපදෙස් ලබා දී ඇති බවත්ය.

ස්තූතියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us