පළාත්පාලන මැතිවරණයත් අපි දිනනවා - සුනිල් වටගල

Published in පුවත්
Friday, 10 January 2025 09:35

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කළාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර පෙන්වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

සභාව කල්තබන අවස්ථාවේ පැවැති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

වසර පහක බලයක් අපි ගත්තේ. තවම ගතව තිබෙන්නේ දින 50 යි. විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නේ නැහැ කියලා. අපේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉතාම පැහැදිලිව ආණ්ඩුව කරන දේ ප්‍රකාශ කළා. වාහන සම්බන්ධ පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙහෙයුමක් යන බවට එක මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා. ඒ ක්‍රියාවලිය තුළ ඇතැම් කර්මාන්තකරුවන්ට තර්ජනයක් එල්ල වී ඇති බවට ඒ කතාව තුළ කියවුණා.

නීත්‍යානුකූලව කර්මාන්තයක් කරන කිසිදු අයකුට එය ගැටලුවක් වන්නේ නැහැ. එක්තරා කල්ලියකගේ පෙලඹ වීමක් මත සිදු වන භීතියක් පමණයි ඒ කතා. සහල් ආනයනය කර ඇති බවට විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශ කළා. සහල් නැති තැනක් තිබෙනවා නම් ඒ බව කියන්න. ඒවාට පිළිතුරු දෙන්න පුළුවන් නිසා තමයි ඇමැතිවරයා එහෙම කියන්නේ. දින 50 ආණ්ඩුව තුළ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ ඇයි කියලා විපක්ෂය අපෙන් අහනවා. පළාත් සභා මැතිවරණ අපි පවත්වනවා. එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් බහුතර සංඛ්‍යාවකින් අපි දිනනවා. ඉතා කෙටි කාලයක් තුළ මේ මැතිවරණය අපි පවත්වනවා.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us