බැංකු බදු 10% දක්වා වැඩි කිරීමෙන් ජනතාව තැම්පතු ඉවත් කරගනී -බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක්

Published in පුවත්
Sunday, 29 December 2024 10:07

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% ක්ව පැවතියදීත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත් කරගැනීමට කටයුතු කළහ. මේ හේතුව මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05 ක් දක්වා අඩුවී තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

මෙලෙස බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩි කිරීම නිසා එම ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙලෙස අඩු ආදායම් ලාභීන්ගේ ගිණුම්වලින් පවා රඳවා ගැනීමේ බද්ද අය කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ද අනාවරණය වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us