පළවෙනිදට කන්න වෙන්නේ නාඩු සහල් කිරිබත් -සහල් නිෂ්පාදකයන්ගේ සංගමය Featured

Published in පුවත්
Sunday, 29 December 2024 09:53

කැකුළු සහල් හිඟය නිසා එළැඹෙන නව වසරේ පළමුවැනිදා ජනතාවට කිරිබත පිළියෙල කර ගැනීමට සිදුවන්නේ නාඩු සහල්වලින් බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවැසීය.

පාරිභෝගික ජනතාවද කියා සිටින්නේ සිල්ලර හා තොග වෙළෙඳසල්වල කැකුළු සහල් අලෙවි කිරීමට නොමැති බවය. කුඩා පරිමාණ සහල් මෝල්වලද කැකුළු සහල් අලෙවි කිරීමට නොමැති බවත්, ආනයනික කැකුළු සහල් තොගවලට සිදුවන්නේ කුමක්දැයි රජය අවධානය යොමුකළ යුතු බවත් පාරිභෝගික ජනතාව කියා සිටිති.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ ආනයනික කැකුළු සහල් කිලෝවක් රුපියල් 210 ක තොග මිලට අලෙවි කිරීම පාඩු බැවින්, ආනයනකරුවන් රැසක් එම තොග වැඩි මිලට බියර් නිෂ්පාදනයට සහ සහල් පිටි නිෂ්පාදන කටයුතු සඳහා අලෙවි කරන බවය. මේ නිසා ආනයනික කැකුළු සහල් වෙළෙඳපොළට නොලැබෙන බව ද ඔහු කීවේය.

රජය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යොදවා මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සහල් නිෂ්පාදනාගාර පරීක්ෂා කළ ද, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් බොහෝ දෙනෙකු සතුව කැකුළු සහල් තොග නොමැති බවද ඔහු පැවැසීය.

කැකුළු සහල් වැඩිපුර නිෂ්පාදනය කරනු ලබන්නේ දකුණු පළාතේ සහ නැගෙනහිර පළාතේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් බවත්, ඔවුන්ගේ සහල් තොග නියාමනයට ලක් නොවීම නිසා එම දේශීය කැකුළු සහල් තොග ද සහල් පිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, සත්ත්ව ආහාර සඳහා කැඩුණු සහල් ලෙස වැඩි මිලට අලෙවි කරන බව ද සභාපතිවරයා පැවැසුවේය. රේගුව සඳහන් කරන්නේ ඉකුත් 04 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාලය තුළ දී ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 72,000 ක තොගයක් ආනයනය කර තිබෙන බවය. ඉන් මෙට්‍රික් ටොන් 32,000 ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික් ටොන් 40,000 ක් නාඩු සහල් වේ.
ජනතාව කියා සිටින්නේ ලංකා සතොස ශාඛා ජාලය තුළ ද ප්‍රමාණවත් පරිදි සහල් අලෙවි කිරීමට නොමැති බවය.

රජය සහල් සඳහා පාලන මිලක් නියම කළ ද, එම මිල ගණන්වලට සහල් අලෙවි නොකෙරෙන බව ද ජනතාව පවසති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us