ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසන්නේ තමන් ඒකාධිපති ලක්ෂණ සහිත නායකයෙකු නොවන බවයි. ඒ පිළිබද ඇතැමුන් නගන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බවත් හමුදාවේ විනය පවත්වාගෙන යාම සඳහා දැඩිව ක්රියා කළ ද සිවිල් ජනතාව සමග දේශපාලනය කිරීමේදී එවැනි ප්රතිපත්තියක් අනුගමනය නොකරන බවත් පැවසුෙව්ය.
තමන් මේ දිනවල ජීවත් වන්නේ හිතවතුන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත බවත් බැංකු ගිණුම්වලට සීල් තබා ඇති නිසා අවම වියදමකින් ජීවිතය ගෙවන බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
සිරස රූපවාහිනිය හා එක්වෙමින් ඒ මහතා සඳහන් කලේ රටේ හමුදාවේ වගකීම රට රැකීම මිස රජා රැකීම නොවන බවයි.