නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි.
නැගෙනහිර පළාතේ දිස්ත්රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර නැගෙනහිර පළාතේ සිදුවිය හැකි ආපදා අවම කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, ජලය අක්රමවත්ව බැස නොයාම හේතුවෙන් දින ගණනාවක් ජලයෙන් යටව පැවති ප්රදේශ පිළිබඳ මේ වනවිට ප්රධාන වශයෙන් අවධානය යොමු කර ඇත බවයි.