ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4 සිට හෙට (17) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බල පැවැත්වෙනු ඇති බවය.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ ඇල්ල, හාලිඇල සහ පස්සර, මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර සහ පාතදුම්බර, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරලය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
-p.m