රිළවුන්ට චෝදනා කරන්න එපා - පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

Published in පුවත්
Monday, 16 December 2024 09:45

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස 05ක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිළවුන්ට, දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින් තොරව පොල් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවැසීය. පෙබරවාරිවලින් පසු පොල් හිඟ මාතෘකාව නැතිව යන බව ද ඔහු කීය.

රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි බිලියන තුනයි දශම දෙකක් – බිලියන තුනයි දශම හතරක් (3.2 - 3.4) පමණ වන බවත් වර්ෂයකට රටේ පොල් අවශ්‍යතාව පොල් ගෙඩි බිලියන එකයි දශම හතක් – එකයි දශම නවයක් (1.7 - 1.9) බවත් බුද්ධික මහතා පසුගිය සිකුරාදා (13දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

සෑම වර්ෂයකම ඉහත මාස පහ තුළ පොල් හිඟය ගැන කතා කළත් පෙබරවාරිවලින් පසු රටේ පොල් අස්වැන්න වැඩිවන නිසා පොල් මාතෘකාව නැතිව යන බවත්, එම නිසා සෑම වසරකම රිළා සහ දඬුලේනා මාතෘකාවට මුල්තැන නොදී හිඟවන කාලයට පොල් අපනයනය සීමා කර හෝ නතර කර මෙරට පාරිභෝගිකයන්ට මුල්තැන දීමට පොල් සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු බවත් ඔහු කීය.

රිළවුන්ගෙන් සහ දඬුලේනුන්ගෙන් පොල් වගාවට හානි වන බව තමා ද කියා සිටින බවත්, එහෙත් පොල් හිඟයට ප්‍රධානම හේතුව පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව බවටත් ඔහු චෝදනා කළේය.

එහි ඇතැම් නිලධාරීන් බහුජාතික සමාගම්වලට වාසි වන ලෙස පොල් අපනයනය කිරීමට සහයෝගය ලබාදෙන බවත් එසේ අපනයනය කළත් ඊට සරිලන විදේශ විනිමය රටට නොලැබෙන බව තමා පමණක් නොව විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙන්වා දී තිබෙන බවත් ඔහු කීය. ඒ පිළිබඳ තොරතුරු තමන් සතුව තිබෙන බව ද බුද්ධික ද සිල්වා මහතා පැවැසීය.

දිවයින

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us