රජය දැඩි තීන්දුවක. වැඩි මිළට සහල් විකුණන තැන් ගැන 1977 ට කියන්න.   Featured

Published in පුවත්
Tuesday, 10 December 2024 12:20

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය.

නව සහල් මිල ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම අයෙකුට එරෙහි නීතියානුකූලව කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

"ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා, වෙළෙඳ ප්‍රජාවගෙන්, නිෂ්පාදකයින්ගෙන් හා තොග වෙළෙඳන්ගෙන් වගේම පාරිභෝගිකයින්ගෙන් අප විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන මිල අනුව තමන්ගේ සහල් ප්‍රමාණය මිලදී ගන්න. කිසියම් හෝ අකටයුත්තක් හෝ අධික මිලකට සහල් විකිණීමක් සිදුවන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකියි. ඒ වගේම පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට හා ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළ හැකියි."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us