මේ සම්බන්ධයෙන් බොහෝ පාරිභෝගිකයෝ දැඩි අප්රසාදය පළ කරති.
රටේ පවතින හිඟය හේතුවෙන් ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති පොල් සහ සහල් සතොස අලෙවිසැල්වලින් සහන මිලට විකිණීමේ වැඩපිළිවෙළක් රජය පසුගිය බ්රහස්පතින්දා සිට ආරම්භ කළද සතොසේ සහල් හා පොල් නොමැති බවට ජනතාව චෝදනා කරති.
මේ නිසා ඊයේ ද (09 වැනිදා) සතොස අලෙවිසැල්වල සහල් සහ පොල් සඳහා දැඩි ඉල්ලුමක් තිබිණි. සහල්, පොල් කඩිනමින් සතොස අලෙවිසැල් වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන්නැයි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.