වගා හානි කළත් සතුන් මරන්න තරම් අපි පව් කාරයෝ නොවෙයි. - ගොවියෝ කියති  

Published in පුවත්
Monday, 09 December 2024 09:42

වගාවට හානි කරන සතුන් පිළිබඳව වගා භූමිය තුළදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව චක්‍රලේඛයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බවත්, තම වගාවට හානි සිදු කළත්, එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බවත් ගොවි නායකයෝ පිරිසක් පැවසූහ.

වගාවන්ට සතුන්ගෙන් හානි වනවා නම් වගා බිමේදී ගොවීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බවට කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයත් සමග ඔවුහු මේ බව පවසා සිටියහ.

ගොවි මහතුන් හරි හැටි නොදැනුවත් නිසා නීතියක් ලෙස සකස් කොට චක්‍රලේඛයක් මගින් ගොවි ජනතාව දැනුවත් කරන ලෙසට මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික, මහසෙන් ගොවි සංවිධානයේ සභාපති සමන් තුසිත මහතා පවසයි.

මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙසේ පැවසීය.

“කෘෂිකර්ම ඇමැතිවරයා කළ මෙම ප්‍රකාශයෙන් වගාවට පැමිණෙන සතුන් මරා දැමීමට කටයුතු කරන ලෙස කියා සිටියා. නමුත් ගොවියන් විදියට බෞද්ධාගමට අනුව එම සතුන් ඝාතනය කිරීමට අපිට බැහැ. අපේ වගාව හානි කළත් එම සත්තු මරලා දාන්න තරම් අපි දුර්වල නැහැ. අපි ඇමැතිවරයාට කියා සිටින්නේ සත්තු මරන්න ගොවියන්ට පවරන්න එපා කියලයි.

ඒ වෙනුවට, කෘෂි හමුදාවක්, ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට, රිලවුන්ට, මොනරුන්ට හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයා එම ගොවි හමුදාවට අණ කළ යුතුයි. එහෙම නැති වුණොත් මම ඇති කරන එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් මනුස්සයාට පුළුවන් ඒකා මරාගෙන මස් කන්න.

එම නිසා මෙම ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් හා එය නීතිගත කර ගැසට් එකක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

මිහින්තලේ – රංග චතූ

දිවයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us