මෙරට මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙයි   Featured

Published in පුවත්
Monday, 09 December 2024 09:31

මෙරටින් හමු වූ විශාල මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොතට එක් වූ බව ලංකා ජෙමලොජිකල් ආයතනයේ ප්‍රධාන රත්නවේදි අශාන් අමරසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ශ්‍රී ලංකාව ඒ කාලේ රත්නදීප නමින් හැඳින්වූවා. රත්නදීප කියන්නේ මැණික් බහුල මහද්වීපයක් කියන එකයි. ලෝකයේ දැනට මැණික් වර්ග දෙසීයක් විතර හම්බවෙනවා.එයින් ශ්‍රී ලංකාවට සුවිශේෂී මැණික් වර්ග 75ක් පමණ තිබෙනවා. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ මැණික් ලැබෙන රටක්.

මීට අවුරුද්දකට පෙර පුද්ගලයෙක් මැණික් ගල් දෙකක් ගෙනල්ලා සහතිකයක් ඉල්ලුවා. එක මැණික් ගලක් කැරට් 54ක් තිබ්බා. ඒ මැණික් ගල් දෙකම විශාලයි. අපි මේ සම්බන්ධව හෙව්වා. ලෝකයේ දැනට ලැබුණු ඒ වර්ගයේ ලොකුම මැණික් ගල් දෙක විදිහට ඒ ගල් දෙක හඳුනගන්න ලැබුණා. ඒක ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්.

මෙහි හිමිකරුට වුවමනාව තිබ්බේ මැණික් ගල් දෙක අලෙවි කිරීමට වඩා එහා ගිහින් වර්තාවක් තියන්න. ඒ අනුව මැණික් ගල් දෙක ගිනස් වාර්තා සඳහා යොමු කළා. දැනට ඒ වර්ගයේ ලෝකයේ ලොකුම මැණික් ගල් දෙක බවට තහවුරු වී තියෙනවා.

එක ගලක් (black star sapphire) බ්ලැක් ස්ටාර් සෆායා වර්ගයේ මැණික් ගලක්. එහි බර කැරට් 3621.35ක්.

අනිත් මැණික් ගල කැට්ස් අයි (cats eye green beryl) වර්ගයේ. එහි බර කැරට් 854.95ක්.

මේ මැණික් ගල් ඩොලර් මිලියන 500කට අධික මුදලකට වටිනාකමක් හිමි වෙනවා. මේ මැණික් ගල්වල හිමිකරු නිර්නාමිකව ඉන්න තමයි ඔහුගේ කැමැත්ත.

දිණමිණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us