නොවැම්බර් 21 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය හෙට (3) සහ අනිද්දා (4) පැවැත්වේ. එම ප්රකාශය පිළිබඳ ඡන්ද විමසීම 4 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (3) සිට ලබන 6 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අතර රජයේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.