මන්ත්‍රීවරුන්ට නිල වාහනයක්‌මයි දෙන්නේ, ඉන්ධන කෝටා කතාව බොරුවක් - ලක්මාලි හේමචන්ද්‍ර

Published in පුවත්
Monday, 02 December 2024 11:18

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක්‌ ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඒ වෙනුවට ඔවුන්‌ භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක්‌ ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ලංකාදීප වුවත් පතේහි පළ වූ වාර්තාව අසත්‍යයක් බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර ෆේස්බුක් සටහනක් යොදා ඇත.

එය පහත පළවේ.

ඔබ අසත්‍ය තොරතුරු පතුරවන්නෙක් වෙන්නට එපා.

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නමැති මාලීමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාම පැහැදිලි ව සඳහන් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රයක් වෙනුවට මන්ත්‍රී ධූර කාලය තුළදී පමණක් භාවිතා කිරීමට රජයේ නිල රථයක් ලබා දෙන බවයි. තම ධූර කාලය අවසන් වූ විට එම නිල රථය නැවතත් රජයට භාර දීමට මන්ත්‍රිවරුන් කටයුතු කළ යුතුයි. පොදු දේපල පුද්ගලික දේපල ලෙස නොව තමන්ට තාවකාලිකව ලබා දෙන ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දේපලක් ලෙස මන්ත්‍රීවරයා තම රථය භාවිතා කළ යුතුයි.

රජයේ කිසිදු නිල ප්‍රකාශයකින් තොරව එම ප්‍රතිපත්තිය වෙනුවට ඉන්ධන පමණක් ලබා දෙන බවට අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ම පල කර ඇත්තේ රජයට එරෙහිව අසත්‍ය ප්‍රචාරය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි. අද ලංකාදීපය පල කරන කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයක් නොමැති මේ පුවත ඉතාම ඉක්මනින් සමාජ ජාලා වෙබ් අඩවි තුල පතුරවන අතර පසු කාලීනව රජය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ක්‍රියාවන් ගන්න විට එය පොරොන්දු කඩා කිරීමක් ලෙස දක්වනු ලබනවා.

ඉතාමත් සංවිධතව හා දැනුවත්ව පොදු දේපල නාස්ති කිරීම පිළිබඳව රජය විසින් ගොඩ නගා ඇති මතය පරාජය කිරීමට පුද්ගලික මාධ්‍ය විසින් මේ ආකාරයෙන් හැසිරෙන බවක් තමයි නිරීක්ෂණය වෙන්නේ.
නිල තොරතුරු නොවේ නම් රජයේ තීරණ ගැන පල වෙන මේ වගේ පදනමක් නැති ගොසිප් විශ්වාස නොකිරීමට ඔබ කටයුතු කිරීම මෙවැනි මාධ්‍ය මෙහෙයුම් නවතා දැමීමට අපිට කරන උදව්වක්.

පොදු දේපල පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ සංස්කෘතිය අපි අවසන් කරනවා. මෙවැනි මාධ්‍ය භාවිතාවන් වලට නොරැවටී අපි එකතු වී නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us