පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන සැලසීමට ආණ්ඩුවෙන් පොරොන්දු

Published in පුවත්
Monday, 02 December 2024 09:42

පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

"පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය මත මේ රටේ, සමස්ත ජනතාව මහා පීඩාවකට ලක්වුණා විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල. එම පළාත්වල ධීවරයින් දැඩි ලෙස මේ අර්බුදයට මුහුණපෑවා. ඒ අවස්ථාවේ අපි දැක්කා යාත්‍රා 16ක් මුළුමනින්ම විනාශ වෙලා. ධීවර පවුල් රැසකට තමන්ගේ ජීවන මාර්ගය අහිමිවෙලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබුණා. ඒ මත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මැදිහත් වෙලා මේකට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න සුදානමින් ඉන්නවා. ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන්නා මේ මොහොතේ තමන්ගේ රැකියා අවස්ථා අහිමි වුණ පවුල් ගැන ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යොමු කරන්න කියලා. ඒ වගේම හානියට පත්වු ධීවර යාත්‍රා ගැනවලට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න අපි සුදානම් වෙලා තියෙනවා."

මේ අතර පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වු මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් දිවයිනේ මාර්ග සහ පාලම් රැසක් හානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තාවන බව එම අධිකාරිය පැවසුවේය.

මේ හේතුවෙන් අදාළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කර ඒවා කඩිනමින් යළි පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී . සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ගමනාගමනය නවතා තිබු මනම්පිටිය - අරලගංවිල මාර්ගය ද ඉතාමත් කෙටිකාලයක් තුළ යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us