ජනාධිපතිවරයා IMF ගිවිසුම ගැන කියූ දේ පුදුම සහගතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  

Published in පුවත්
Saturday, 23 November 2024 10:41

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය විවෘත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 21 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටින්නේ ජනාධිපතිවරයා IMF ගිවිසුම ගැන කියූ දේ පුදුම සහගත බවය.

''ජාතික ජන බලවේගය වේදිකාවේ ඉදිරිපත් කළ කරුණු කාරණා හා පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු අතර පරස්පරතාවක් දකිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී මෙන්ම ද්විපාර්ශ්වීය ණය, ස්වෛරී බැඳුම්කර ණය පිළිබඳව ඉදිරිපත් කළ කරුණු කාරණා පිළිබඳව අපි තිගැස්මකට ලක්වුණා.

ඔවුන් වේදිකාවේ කිවුවේ පවතින IMF ගිවිසුම් රටාව වෙනස් කර අලුත් වැඩපිළිවෙළකට යමු කියන කරුණයි. නමුත් රජය අද එයින් බැහැර වීම බරපතළ කරුණක්.

වාර්තාගත ජනවරමක් තුළින් පෙනෙන්නේ IMF ගිවිසුම සමඟ දකින්නට තිබෙන පීඩාකාරි අසහනකාරී ක්‍රියාදාමයන්වල වෙනසක් රටම බලාපොරොත්තු වුණ බව. නමුත් අසන්නට ලැබුණේ පෙර රජය අනුගමනය කළ ක්‍රියාදාමයම ඔවුනුත් අනුගමනය කරන බව.

රටේ ජනතාව ජනවරමක් දුන්නේ හිටපු ජනාධිපතිවරයා හා පැවැතුණු රජය ක්‍රියාත්මක කළ IMF ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීමට නෙමෙයි. අපි කිව්වේ IMF රාමුව තුළ මේ පවතින ගිවිසුමේ සාධනීය වෙනසක් ඇති කරන බවක්. නමුත් ජනාධිපතිවරයාගේ කතාවෙන් ඉස්මතු වුණේ පැරණි ආකාරයම ඉදිරියට යන බවයි. ජනාධිපතිවරයාගේ කතාවේ දුප්පත්කම තුරන් කිරීම, ගර්භනි මව්වරුන්, දරුවන් වෙනුවෙන් සහන සැලසීම, මන්ද පෝෂණය තුරන් කිරීම , දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම යන කරුණු කාරණා තිබුණා. ඒවා හොඳයි. නමුත් වැදගත් වන්නේ කතාව ක්‍රියාවට නැංවීමයි. හොඳ දේ ක්‍රියාවට නැංවීමේදි අපි සහයෝගය ලබා දෙනවා. නමුත් අපි පුදුමයට පත් වන්නේ මොවුනුත් පවතින IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බැඳි සිටීම ගැනයි. එය බරපතළයි. ජනවරම ලැබී තිබෙන මොහොතේ IMF හිත දිනාගෙන ජන හිතකාමි ආකාරයට සංශෝධන කරමින් වෙනස් කිරීමයි වැදගත් වන්නේ.''

silumina

Last modified on Saturday, 23 November 2024 10:44

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us