රාජ්‍ය සාහිත්‍ය උත්සවය 27දා අරලියගහ මැඳුරේදී  

Published in පුවත්
Saturday, 23 November 2024 10:32

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය ජිනදාස දනන්සූරිය (සිංහල අංශය), අන්නලක්ෂ්මී රාජදුරයි (දමිළ අංශය) සහ සම්මානිත මහාචාර්ය වෝල්ටර් පෙරේරා (ඉංග්‍රීසි අංශය) උපහාර පිදුම් ලබති. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ උලෙළ සම්භාවනීය අමුත්තන්, ලේඛක ලේඛිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව එක්ව මෙකී උලෙළ සංවිධානය කරනු ලබයි.

2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට එම වර්ෂයේම දෙසැම්බර් 31 වැනි දින දක්වා අතර කාලය තුළ පළමු වරට මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කරන ලද කෘති මේ සඳහා සලකා බලා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us