මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඉකුත් ඔක්තෝබර් 10 වනදා දිවුරුම් දී තිබුණි.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි.
1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි.
ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.