නව ඇමැති මණ්ඩලය පත් කිරීම සඳුදා. අගමැති ධුරය හරිනිටම.

Published in පුවත්
Saturday, 16 November 2024 12:00

නව රජයේ අගමැති ලෙස හරිනි අමරසූරිය මෙනවිය යළි පත් කිරීමට තීන්දු වී ඇති බව වාර්තා වේ.

මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඊයේ රාත්‍රී පැවැත්වී ඇති ජාතික ජන බලවේගයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම නව රජයේ ඇමැති මණ්ඩලය දිව්රුම් දීම සදුදා (18) දින සිදුකිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත. නව කැබිනට් මණ්ඩලය 25 දෙනෙකුගෙන් හා නියොජ්‍ය ඇමැතිවරු 25 දෙනෙකුගෙන් යුත් වන බව මීට පෙර ප්‍රකාශයට පත් කර තිබිණි. කෙසේ නමුත් මෙවර ඇමැති මණ්ඩලයේ අති බහුතරය මීට පෙර පාර්ලිමේන්තු අත් දැකීම් හෝ නැති නවකයන්ගෙන් සිදු වීම විශේෂ තත්වයකි..

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා පැවැත්වෙයි. එදින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට ඇති බවද දැනගැනීමට තිබේ.

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත වන අතර පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවේ. ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකි ය.

සභාවේ කටයුතු ආරම්භ වන්නේ, සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සිදුවෙයි.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ඉන් අනතුරුව සිදු වේ.

නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍තෝරා පත්කර ගැනීමද පාර්ලිමේන්තු ඡන්දයෙන් ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us