බිත්තරයක මිල රුපියල් 60කට ඉහළ යන ලකුණු Featured

Published in පුවත්
Wednesday, 13 November 2024 10:49

හාල් මෝල් හිමියන් රයිස් පොලිස් මිල හා සුණු සහල් මිල තුන්ගුණයකින් වැඩිකිරීම නිසා කුකුළු ආහාර නිෂ්පාදනය කරගත නොහැකි පසුබිමක බිත්තරයක මිල රුපියල් 60ක් 65ක් අතර ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (11 වැනිදා) පැවසීය.

ඔහු මෙසේද පැවසීය.

සත්ත්ව ආහාර නිෂ්පාදනයට අපි සියයට 20ක් හුණු සහල් භාවිත කරද්දි රයිස් පොලිස් සියයට 30ක් භාවිත කරනවා. ඒ වගේම දැන් වනවිට සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට වඩා සත්ත්ව ආහාරවලට රයිස් පොලිස් හා හුණු සහල් ඉල්ලුම වැඩිවෙමින් තියනවා. ඒ වගේම සහල් වැඩිවශයෙන් එතනෝල් නිෂ්පාදනයට මහා පරිමාණයෙන් ඉල්ලන නිසා මේ දිනවල සහල් මිල ඉස්සෙමින් යන්නේ. ඊට සමගාමීව කැඩුන සහල් නැත්තම් සුණු සහල් මිලත් තුන්ගුණයකින් පමණ ඉහළ යමින් තියනවා. ඒ හේතුවෙන් රුපියල් 150ට අපි නිෂ්පාදනය කරගත්ත කෑම කිලෝවක් මේ වනවිට රුපියල් දෙසියයේ සීමාව ආසන්නයටම ඇවිල්ලා. බිත්තර කෝටියකට ආසන්න දෛනික නිෂ්පාදනයක් තිබුණා. සත්තු දහසක් හදන්න ගොවියෙකුට රුපියල් ලක්‍ෂ 30ක් පමණ යනවා. එහෙව් ගොවියොත් අද බිත්තර දාමින් ඉන්න සත්තුත් මසට විකුණන්න සූදානමක් තියනවා කරගන්න බැරිව. ඒ නිසා මස් කිලෝවක මිලත් පහළ වැටෙමින් යන්නේ. අද නිෂ්පාදන වියදම මේ හේතු සියල්ලම නිසා රුපියල් 38ක් පමණ වෙද්දී ගොවියා දෙන්නෙ රුපියල් 30ත් 31ත් අතර රුපියල් 7ක පමණ පාඩුවක් දරමින්. මේ හේතුවෙන් මහා පරිමාණ ගොවීන් ක්‍ෂේත්‍රයේ රැඳිලා මධ්‍ය හා කුඩා පරිමාණයේ ගොවීන් ගොවිපළවල් අත්හරී. අන්න එහෙම වුණොත් නත්තලට රුපියල් 60 සීමව ඉක්මවෙලා බිත්තර මිල යාවි.

අපි ජනාධිපති තුමාට ආරාධනා කරනවා මේ ග්‍රාමීය කර්මාන්තය රැකගන්න. නැත්තම් මේ බිත්තර ලොකු දායකත්වයක් දීලා මන්ද පෝෂණය තුරන් වෙමින් යන රටේ යළිත් බිත්තර බිල්ලන් මවලා කොමිස්වලට බිත්තර ආනයනයට සැරසේවි.

-p.m

Last modified on Wednesday, 13 November 2024 11:10

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us