ගාලු මුවදොර පිටිය සමාජ ක්‍රියාකාරකම් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Wednesday, 06 November 2024 10:44

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 - 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබුණි.

-p.m

Last modified on Wednesday, 06 November 2024 10:46

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us