සහල් මිළ ඉහළ යන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමක් නොමැති කමින් බව හෙළිවේ

Published in පුවත්
Wednesday, 06 November 2024 09:27

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසන්නේ, 2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බවයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. එල්. රන්දික මහතා ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමේදී රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමක පැවතීම සහල් මිල ඉහළයෑමට හේතුවී ඇති බවය.

මේ වනවිට වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිඟය සහ ඉහළ මිල හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වී තිබේ. එමෙන්ම ඔහු පැවසුවේ, සහල් මිල ගණනය කිරීමේදී සහල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරුඵල සැලකිල්ලට භාජනය නොකෙරෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ඒ. එල් රන්දික මහතා,

"සහල් ව්‍යාපාරිකයෝ සහල්වලට පමණයි පිරිවැය ගණනය කරන්නේ. සහල්වලට අමතරව සහල් කුඩු, පොතු ආදී අතුරුඵල ලැබෙනවාත දැන් ඒවටත් වෙළෙඳපොළක් තිබෙනවා. සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත්තොත් සහල් කිලෝවකට අමතර ද්‍රව්‍යවලින් රුපියල් 20ක පමණ අමතර ලාභයක් තිබෙනවා."

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us